![]() |
| Add caption |
Tuesday, August 13, 2019
Monday, August 12, 2019
Monday, July 15, 2019
Sunday, July 7, 2019
Sunday, June 30, 2019
Friday, June 14, 2019
පූනානි පංච මහා විහාරය පිලිබද විස්තරය.
බුද්ධ සාසනයේ උන්නතිය වෙනුවෙන් මහත් සේවයක් කල,
පූජ්‍ය දිඹුලාගල ස්වාමීන්වහන්සේ විසින් පොලොන්නරුව මායිමේ පිහිටවූ විහාරස්ථාන වලින් එකක් වන පූනානි පංචමහා විහාරය මේ ඡායාරූප වලින් දැක්වේ.පූජ්‍ය ඇල්ලේවැව ජිනාලංකාර ස්වාමීන් වහන්සේ මෙහි වර්තමාන විහාරාධිපති ධූරය දරනු ලබයි.වසර 40ක් පුරාවට එම විහාරයේ වැඩ වාසය කරමින්, නිසිලෙස දාන මාන පවා නොලබමින් , අනේක විධ දුක් කම්කටොළු , අඩුපාඩු ඇතිව , මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් විහාරය ආරක්ෂා කරගනිමින්, විහාරයේ උන්නතිය වෙනුවෙන් කැපවෙන උන් වහන්සේ ; විහාරයේ දහම් පාසලක් හා පෙර පාසලක් පවත්වාගෙන යනු ලබයි.විහාරය වටේටම සිටින්නේ මිත්‍යාදෘෂ්ටිකයන් වුවද, ඈත සිංහල ගම් වලින් දරුවන් සහභාගී කරගෙන පවත්වාගෙන යන මේ දහම් පාසලට හා පෙර පාසලට අඩුපාඩු කම් රැසක් ඇත. දරුවන්ට ඉගනීම සදහා ඇත්තේ ඩෙස් එකක් සහ කුඩා පුටු දෙකක් පමණි. දරුවන් ඉගන ගන්නේ පැදුරු වල යි.
සිංහල බල මණ්ඩලයේ අපි 2019/05/25 වන දින පංචමහා විහාරයට ගොස් , විහාරාධපති හිමියන් බැහැදැක, විහාරයට අවශ්‍යව තිබූ වතුර මෝටරයක් සහ සපත්තු ආදී පෙර පාසල් දරුවන්ට අවශ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කලා.
මේ විහාරස්ථානය පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා අමතන්න.
සිංහල බලමණ්ඩලයේ සභාපති ගාමිණී කීර්තිචන්ද්‍ර මහතා - 0714823404
විහාරාධිපති,
පූජ්‍ය ඇල්ලේ ජිනාලංකාර ස්ථිවර,
පංච මහා විහාරය,
පූනානී ,
මඩකලපුව.
Wednesday, May 29, 2019
පූනානී පංචමහා විහාරයේ දී සිදුකල උපකරණ පරිත්‍යාගය.
මඩකලපුවේ පූනානි වල පංචමහා විහාරයේ දී විහාරාධිපති හිමියන් බැහැදැකීම සහ විහාරයට අවශ්‍යව තිබූ වතුර මෝටරයක් පරිත්‍යාග කිරීම
ඒ සමගම විහාරස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලට , දහම් පාසලට අවශ්‍ය උපකරණ සහ එහි දරු දැරියන් ට අවශ්‍ය උපකරණ ලබා දීම.
ඒ සමගම විහාරස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලට , දහම් පාසලට අවශ්‍ය උපකරණ සහ එහි දරු දැරියන් ට අවශ්‍ය උපකරණ ලබා දීම.
අවශ්‍ය උපකරණ බෙදා දීම
පොතුවිල් හි දිරිය ශක්ති කාන්තා සංවිධානය පිහිට වූ අවස්ථාව
2019/05/25 වන දින සිංහල බල මණ්ඩලයේ සභාපතිතුමන් වන ගාමිණි මහතා විසිනි පොතුවිල් මුහුදු මහා විහාරයේ දී විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නාහිමියන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ආරම්භ කල දිරිය ශක්ති කානතා සංවිධානය පිහිට වූ අවස්ථාවේ දී ගත් ඡායාරූප.
පොතුවිල් මුහුදු මහා විහාරයේ දී සංවිධානය පිහිට වූ අවස්ථාව
පොතුවිල් මුහුදු මහා විහාරයේ දී සංවිධානය පිහිට වූ අවස්ථාව
Subscribe to:
Posts (Atom)










































