වස් ආරාධනා පිංකම - 2018 මුහුදු මහා විහාරය - පොතුවිල්.
පොතුවිල්
මුහුදු මහා විහාරය පිහිටි ප්‍රදේශයේ බෞද්ධ පුරා වස්තු නටබුන් විශාල වශයෙන් පැතිර
පවතී. නමුත් ඒවා ඩෝසර් කරමින් මිත්‍යාදෘෂ්ඨිකයින් තම ජනාවාස ඉදි කර ඇත, ඉදිකරමින්
පවතී. සිංහල බෞද්ධයන්ට මෙම ප්‍රදේශයේ ඉදිකිරීම් කරන්නට තහනම් වුවද මුස්ලිම්
ජාතිකයන් රාජ්‍ය නිලධාරීන්ගේ ද දේශපාලනඥයන්ගේ ද සහාය ඇතිව බෞද්ධ උරුමය වනසා දමමින්
ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවති. මහා සංඝරත්නය පවා නිහඬ කරන්නට බලධාරීන් උපක්‍රම යොදා
ඇත. මේ ප්‍රදේශයේ පන්සල් කීපයක් පැවතුණ ද එම පන්සල් වල වැඩ වැඩසිටින භික්ෂූන්
වහන්සේලාට නිසි පරිදි සිව්පසය හෝ ලැබෙන්නේ නැත. බොහෝ අවස්ථාවල දානය පන්සලේම
සකස් කරගන්නට සිදුව ඇත. දැන්වත් සිංහල
බෞද්ධයන් මේ සම්බන්ධව තම අවධානය යොමුකර අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත යුතුය.
වැසි සලුව අතගැස්සවීම. |
වැසි සලු පූජා කර වස් ආරාධනා කිරිම. |
වියලි සලාක ඇතුලු සිව්පසය පූජා කිරිම. |
පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන් දායකයන් හට සිංහල හඩ පුවත්පත බෙදා දීම. |
බෝධි පුජාව සදහා සහභාගි වූ පිරිසෙන් කොටසක් |
උත්තම මුණි දළදා වඩම්මන ගීතයට සෙඩා ආයතනයේ අමිල, යසස්, රොසිත්, චමෝද්, නදුන්, දිලහානි දරු දැරියන්ගෙන් නර්තනයක්. |
වැලිතල අතරේ ගීතයට දිල්හානි සහ රොසිත් විසින් නර්තනයක්. |
එම පිංකම සඳහා
සෙඩා ආයතනයේ දරුදැරියන් ද සහභාගි වී නර්තන අංග කීපයක් ඉදිරිපත් කල අතර දෙමාපියන් බැති ගී ගායනාවන්
ඉදිරිපත් කළහ.
රොසිත් විසින් ඉදිරිපත් කල ගණපති නර්තනය |
සෙඩා ආයතනයේ දෙමාපියන් සහ වස් පිංකම සදහා ගිය පිරිස ඉදිරිපත් කල බැතී ගී |
දිල්හානි විසින් ඉදිරිපත් කල ගිරිදේවි නර්තනය |
පෙරදිග මුතු ඇටයයි මේ ගීතයට යසස් විසින් නර්තනයක් |
විහාරාධිපති හිමි විසින් නර්තන ඉදිරිපත් කළ සෙඩා දරැවන්ට ත්‍යාග පිරිනැමීම |
සෙඩා දරැවන් සහ දෙමාපියන් ජාතික ගීය ගායනා කරමින් |
ප්‍රදේශයේ
ජීවත්වන සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාව දැක බලා සතුටු වූහ. පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි
නාහිමියන් මෙම පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපතීත්වය දරන අතර භික්ෂුන්
වහන්සේලා තුන් නමක් වැඩ සිටිති.මෙම පන්සලේ ද දිනපතාම දානය සකස් කර ගන්නට සිදුව ඇත.
වන්දනා නඩ පැමිණිය ද ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් ද නැත.
මෙම ගමනේ දි
පානම බෝධිරුක්ඛාරාමයට ගොස් එහි විහාරාධිපති පුජ්‍ය පානම චන්දරතන නාහිමියන් හමුවී
තොරතුරු සාකච්ඡා කරන ලදී. ප්‍රදේශයේ අවශ්‍යතා රාශියක් පැවතුන ද බුදු දරුවන්ගේ අධ්‍යාපනය
වෙනුවෙන් දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩමුළුවක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවයක්
බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
එමෙන්ම ලාහුගල මගුල් මහා විහාරයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය හුළංනුගේ
රතනසාර නාහිමියන් හමුවී තොරතුරු සාකච්ඡා කළෙමු. පොතුවිල් මුහුදු මහාවිහාර ප්‍රදේශයෙන්
ගොඩ බිමට ආ දේවි කුමරිය (පසුව විහාරමහා දේවිය) කාවන්තිස්ස රජු හා විවාහ වූ ස්ථානයේ
ඉදිකළ විහාරය මගුල් මහ විහාරය ලෙස හැඳින්වේ.
ප්‍රදේශයේ ඇති ජල ගැටලුව පිළිබඳව උන්වහන්සේ තොරතුරු ඉදිරිපත් කළහ. දැනට
අබලන්ව පවතින ජල සම්පාදන ක්‍රමය, ලිඳ ඇතුළු අත්‍යවශ්‍ය අංග අලුත්වැඩියා කර දෙන්නේ නම් එය විශාල සහනයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙම ප්‍රදේශයේ
ද ත්‍රස්තවාදී උවදුරට ගොදුරු වූ ප්රදේශයකි. විහාරාධිපති හිමියන්ගේ එඩිතරකම නිසා
ප්‍රදේශය ආරක්ෂා වී ඇත. මෙහිදී හමුවූ ප්‍රදේශවාසීන් ද දැනට අබලන්ව පවතින ජල යෝජනා
ක්‍රමය අලුත්වැඩියා කර දෙන ලෙසට ඉල්ලා සිටි.
අපේ හාමුදුරුවන් වහන්සේ, දේශහිතෛශී පින්වතුනි, අපේ
උරුමය මිත්යාදෘෂ්ඨිකයන්ගෙන් රැකගැනීමට අපි දැන්වත් එකතුවෙමු. ඒ සදහා සිංහල හඬ අමතන
ලෙස සිංහල බලමණ්ඩලය ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටි.
No comments:
Post a Comment