නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Tuesday, February 19, 2019

පොතුවිල් මුහුදු මහා විහාරාධිපති අතිගෞරවනීය පූජ්‍ය වරකාපොල ඉන්දසිරි නාහිමියන් විසින් විශේෂ ධර්ම දෙශනාවක් පැවැත් වීම




2019/02/19 වන නවම් පොහා් දිනයේ දී , පිළියන්දල වෑවල උද්යෝගීපුර සිරි විජයාරාම විහාරස්ථානයේ දි පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව සදහා සහභාගී වූ දේශකයානන් වහන්සේ වන්නේ , පොතුවිල් හී පිහිටි මුහුදු මහා විහාරයේ විහාරාධිපති ආලයාඩිවෙම්බු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛම් නැගෙනහිර පලාතේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය වරකාපොල ඉන්දසිරි නාහිමියන් ය.

එතුමානෝ බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් කරමින් වැඩ සිටින්නේ අති දුෂකර වූත් එකදු සිංහල ගෙදරක් හෝ නොමැති 
මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ගම් වලින් වටවී තිබෙන්න වූ ඓතිහාසික මුහුදු මහා විහාරයේ ය.

එමෙන්ම කිසිදු තැනැත්තෙකුගේ උපකාරයක් නොමැතිව තම පන්සලේ උන්නතිය වෙනුවෙන් සටන් කරන්නා වූ එහිමිපාණෝ අවට සිංහල දානපතියන් නොමැති නිසා දානය පවා නොලබමින් තම විහාරයේ හිමිවරුන් ට දානය සපයන්නේ ද තම දෑතින්ම උයා පිහා දෙමිනි.
කොතරම්  ඓතිහාසිකව වටිනා පුරාවස්තු රාශිය ම විනාස වන ආකාරයෙන් මිත්‍යාදෘෂ්ඨිකයන් කටයුතු කලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත් ඒ පිළිබද නොසලකා ඇති සමයක එතුමන් විසින් පුරාවස්තු බේරා ගැනීමට විශාල වියදමක් කරමින් නීති මාර්ගයෙන් කටයුතු කරනු ලබයි.










































No comments:

Post a Comment