නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Thursday, January 2, 2020



කබරගොයා තලගොයා වුණේ කවදාද?
මිලේච්ඡ ත්‍රස්තවාදයට යුද්ධයක්  කියා සුදු හුණු ගාන්නේ ඇයි?
 



අපිට රටක් නැතිනම් කුමටද ජීවත් වෙලා - රට ජාතිය ආගම බේරා ගැනීමට එක්වෙමු
සිංහලයාගේ මානව අයිතිවාසිකම් රකිමු  - සිංහල ජාතිය වෙනුවෙන් නැගී සිටිමු

ඇයි මේ නායකයෝ ජෙනීවා වලට රට පාවා දෙන්නේ? ශ්‍රී ලංකාවේ නායකයෝ, ස්වාමීන් වහන්සේලා "යුද්ධයක්" කියන වචනය භාවිතා කිරීමෙන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට (ජෙනීවා) කොටින්ට උදව් කරන්න මාර්ගය සලස්වලා දී තිබෙන්නේ ඇයි? එය භාවිත කිරීමෙන් ත්‍රස්තවාදයට උදව් කරන සියලු දෙනාටම නිදැල්ලේ ගොසින් ලංකාවට විරුද්ධව වැඩ කිරීමට ඉඩ සැලසී තිබේ. අද රටට වෙලා තිබෙන දේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජෙනීවා) සුදු කොඩි ප්‍රශ්නය ඇති කරගෙන තිබෙන්නේ අපේ රටේ නායකයෝ යුද්ධය කියන වචනය භාවිතා කරපු නිසයි. රටවල් අතර යුද්ධ කරන විට ඒ ඒ රටවල් විනයක් යටතේ තමයි යුද්ධ කරන්නේ. මේ පින්තූර වලින් පෙනෙන්නේ නැතිද මේ ත්‍රස්තවාදීන් කළ ක්‍රියාවක් කියලා.

         
         
         

දැන්වත් තේරුම් ගන්න මෙය මිලේච්ඡ ත්‍රස්තවාදීන්ගේ ක්‍රියාවක් කියලා. දැන්වත් යුද්ධය කියන වචනයට අවනම්බු නොකර ඒ වචනය අයින් කර ගන්න. මිලේච්ඡ ත්‍රස්තවාදයේ වෙනස, කිරි දරුවෝ ගස් වල ගහලා මැරුවා, උයා ගත්ත බත් එක කන්න සූදානම් වෙනකොට එතැනම දරුවොයි අම්මයි පෙති පෙති ගහලා මැරුවා, සංඝයා වහන්සේලා තිස් එක් නමක් අමානුෂ්‍ය ලෙස ඝාතනය කලා, අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ බුදුන් වන්දනා කරන වේලාවේදී සිල්මෑණියෝ සහ උපාසක උපාසිකාවන් සිය ගණන් මරා දැමුවා, දළදා මාලිගාවට බෝම්බ දමා විනාශ කළා.

බලනකොට වැඩිහරියක්ම ත්‍රස්තවාදීන් පූජනීය ස්ථානවලට සහ මහා සංඝරත්නයට විරුද්ධවයි කටයුතු කළේ. ඒ ඇයිද කියතොත්, මහා සංඝරත්නය තමයි රටේ මුර දේවතාවෝ. දේශපාලනඥයෝ නොවේ. දේශපාලනඥයෝ ඔවුන්ගේ ආණ්ඩුව දිනා ගැනීමට රට පාවා දීමට පවා සූදානම්. එම නිසා රට ආරක්ෂා කිරීමට මහා සංඝරත්නයත්, ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත් එකතු වී ත්‍රස්තවාදය තුරන් කිරීමට ක්‍රියාමාර්ග ගත  යුතුයි. මිලේච්ඡ ත්‍රස්තවාදයට යුද්ධය කියන එක වහාම වෙනස් කර, ජෙනීවා වලට කරුණු ඉදිරිපත් කළ යුතුය. එලෙස කළහොත් ත්‍රස්තවාදී ප්‍රශ්නවලදී මේ රටේ කිසිම කෙනෙක් යුද්ධාධිකරණයට ගෙන යා නොහැක. අපි මේ ප්‍රශ්නය වහාම විසඳාගත යුතුයි. ජනාධිපතිගෙන් සිංහල බල මණ්ඩලය ඉල්ලා සිටිනවා රටේ ආරක්ෂාව සඳහා මේ ත්‍රස්තවාදයට යුද්ධය කියන වචනය වහාම ඉවත් කරන ලෙස. රටට, සිංහල බද්ධයාට ආදරය කරන නායකයෙක් සිංහල බද්ධයෝ පත්කර ගත්තා. ඉතිහාසයේ වගේම, සිංහලයෝ ප්‍රශ්න පටන් ගත්තේ නෑ, නමුත් ප්‍රශ්න ඉවර කරන්නේ සිංහලයෝ තමයි. මේ ඡන්දයෙන් එය පෙනී ගියා. එම නිසා සිංහලයෝ සියලු දෙනාම මේ සිංහල නායකයාට රට බේරා ගැනීමට සහය දිය යුතුය. ඒ වගේම ඒ නායකයා වටේ ඉන්න සියලු දෙනාම අවංකව සේවය කළ යුතුයි. රටේ නායකයාට මේ පිළිබව අවදානය යොමුවේවා යි ප්‍රාර්ථනා කරමු.

මෙය සිංහල බල මණ්ඩලයේ අදහසකි.

ගාමිණි කීර්තිචන්ද්‍ර 
සභාපති - සිංහල මණ්ඩලය


No comments:

Post a Comment