නො.261, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව.

Translate

Wednesday, May 29, 2019

පූනානී පංචමහා විහාරයේ දී සිදුකල උපකරණ පරිත්‍යාගය.

මඩකලපුවේ පූනානි වල පංචමහා විහාරයේ දී  විහාරාධිපති හිමියන් බැහැදැකීම සහ විහාරයට අවශ්‍යව තිබූ වතුර මෝටරයක් පරිත්‍යාග කිරීම
ඒ සමගම විහාරස්ථානයේ පවත්වාගෙන යන පෙර පාසලට , දහම් පාසලට අවශ්‍ය උපකරණ සහ එහි දරු දැරියන් ට අවශ්‍ය උපකරණ ලබා දීම.




අවශ්‍ය උපකරණ බෙදා දීම







පොතුවිල් හි දිරිය ශක්ති කාන්තා සංවිධානය පිහිට වූ අවස්ථාව

2019/05/25 වන දින සිංහල බල මණ්ඩලයේ සභාපතිතුමන් වන ගාමිණි මහතා විසිනි පොතුවිල් මුහුදු මහා විහාරයේ දී විහාරාධිපති වරකාපොල ඉන්දසිරි නාහිමියන් වහන්සේ ගේ මූලිකත්වයෙන් ආරම්භ කල දිරිය ශක්ති කානතා සංවිධානය පිහිට වූ අවස්ථාවේ දී ගත් ඡායාරූප.


පොතුවිල් මුහුදු මහා විහාරයේ දී සංවිධානය පිහිට වූ අවස්ථාව
















පොතුවිල් වියලි ආහාර බෙදා දීමට සහභාගී වූ අවස්ථාවේ දී සිංහල බලමණ්ඩලය විසින් රට ජාතිය ආගම විනාශ කරන වැඩපිලිවෙලක් සොයා ගන්නා ලදී.



Thursday, March 14, 2019

මහසඝරුවනේ වගකීම



දිවයින ඉරිදා පුවත්පතේ ගාමිනී මහතා පිලිබදව 2019 මාර්තු 10 වන දින මෙසේ පලවිය.

     

        දිවයින ඉරිදා පුවත්පතේ  ගාමිණී මහතා පිලිබදව             2019 මාර්තු 10 වන දින මෙසේ පලවිය.
        
                                     
Add caption


Add caption

Wednesday, February 20, 2019

මුහුදු මහා විහාරය පිලිබද වැඩිදුර තොරතුරු දැන ගැනීම සදහා පහත අංකයෙන් , විහාරාධිපති අති පූජ්‍ය වරකාපොල ඉන්දසාර හිමියන් අමතන්න.

0711726119

මුහුදු මහා විහාරය, 
පොතුවිල් ,
අම්පාර.

Tuesday, February 19, 2019

පොතුවිල් මුහුදු මහා විහාරාධිපති අතිගෞරවනීය පූජ්‍ය වරකාපොල ඉන්දසිරි නාහිමියන් විසින් විශේෂ ධර්ම දෙශනාවක් පැවැත් වීම




2019/02/19 වන නවම් පොහා් දිනයේ දී , පිළියන්දල වෑවල උද්යෝගීපුර සිරි විජයාරාම විහාරස්ථානයේ දි පැවැත් වූ විශේෂ ධර්ම දේශනාව සදහා සහභාගී වූ දේශකයානන් වහන්සේ වන්නේ , පොතුවිල් හී පිහිටි මුහුදු මහා විහාරයේ විහාරාධිපති ආලයාඩිවෙම්බු ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛම් නැගෙනහිර පලාතේ ප්‍රධාන සංඝ නායක අති පූජ්‍ය වරකාපොල ඉන්දසිරි නාහිමියන් ය.

එතුමානෝ බුද්ධ ශාසනය වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් කරමින් වැඩ සිටින්නේ අති දුෂකර වූත් එකදු සිංහල ගෙදරක් හෝ නොමැති 
මිත්‍යාදෘෂ්ඨිකයන්ගේ ගම් වලින් වටවී තිබෙන්න වූ ඓතිහාසික මුහුදු මහා විහාරයේ ය.

එමෙන්ම කිසිදු තැනැත්තෙකුගේ උපකාරයක් නොමැතිව තම පන්සලේ උන්නතිය වෙනුවෙන් සටන් කරන්නා වූ එහිමිපාණෝ අවට සිංහල දානපතියන් නොමැති නිසා දානය පවා නොලබමින් තම විහාරයේ හිමිවරුන් ට දානය සපයන්නේ ද තම දෑතින්ම උයා පිහා දෙමිනි.
කොතරම්  ඓතිහාසිකව වටිනා පුරාවස්තු රාශිය ම විනාස වන ආකාරයෙන් මිත්‍යාදෘෂ්ඨිකයන් කටයුතු කලත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ත් ඒ පිළිබද නොසලකා ඇති සමයක එතුමන් විසින් පුරාවස්තු බේරා ගැනීමට විශාල වියදමක් කරමින් නීති මාර්ගයෙන් කටයුතු කරනු ලබයි.










































Monday, August 6, 2018





වස් ආරාධනා පිංකම - 2018 මුහුදු මහා විහාරය - පොතුවිල්.




වස් පිංකම පිළිබදව පූර්ව සාකච්ඡාව
පොතුවිල් මුහුදු මහා විහාරය පිහිටි ප්‍රදේශයේ බෞද්ධ පුරා වස්තු නටබුන් විශාල වශයෙන් පැතිර පවතී. නමුත් ඒවා ඩෝසර් කරමින් මිත්‍යාදෘෂ්ඨිකයින් තම ජනාවාස ඉදි කර ඇත, ඉදිකරමින් පවතී. සිංහල බෞද්ධයන්ට මෙම ප්‍රදේශයේ ඉදිකිරීම් කරන්නට තහනම් වුවද මුස්ලිම් ජාතිකයන් රාජ්‍ය නිලධාරීන්ගේ ද දේශපාලනඥයන්ගේ ද සහාය ඇතිව බෞද්ධ උරුමය වනසා දමමින් ඔවුන්ගේ ආධිපත්‍යය පතුරුවති. මහා සංඝරත්නය පවා නිහඬ කරන්නට බලධාරීන් උපක්‍රම යොදා ඇත. මේ ප්‍රදේශයේ පන්සල් කීපයක් පැවතුණ ද එම පන්සල් වල වැඩ වැඩසිටින භික්ෂූන් වහන්සේලාට නිසි පරිදි සිව්පසය හෝ ලැබෙන්නේ නැත. බොහෝ අවස්ථාවල දානය පන්සලේම සකස්  කරගන්නට සිදුව ඇත. දැන්වත් සිංහල බෞද්ධයන් මේ සම්බන්ධව තම අවධානය යොමුකර අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත යුතුය.
වැසි සලුව අතගැස්සවීම.
වැසි සලු පූජා කර වස් ආරාධනා කිරිම.
                                                                        මෙවන් අර්බුද රැසක් පවතින ප්‍රදේශයක පිහිටි ඓතිහාසික මුහුදු මහා විහාරයේ වැඩ සිටින මහා සංඝරත්නයට මේ වසරේ වස් ආරාධනා කිරීමේ පිංකම 2018 ජුලි මස 28 සහ 29 යන දෙදින තුළ සිංහල බලමණ්ඩලයේ ගරු සභාපති ගාමිණී කීර්තිචන්ද්‍ර මහතාගේ දායකත්වයෙන් හා සහභාගීත්වයෙන් සිදු කෙරිණ



වියලි සලාක ඇතුලු සිව්පසය පූජා කිරිම.

පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපති හිමියන්
දායකයන් හට සිංහල හඩ පුවත්පත බෙදා දීම.
බෝධි පුජාව සදහා
සහභාගි වූ පිරිසෙන් කොටසක්
             මෙම අවස්ථාවට සිංහල බලමණ්ඩලයේ ගරු සභාපති ගාමිණී කීර්තිචන්ද්‍ර මහතා සමග සිංහල බලමණ්ඩලයේ ගුරු පුහුණු අධ්‍යක්ෂක ( වෘත්තීය පුහුණු අධිකාරියේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ) කේමිල්ටන් මහතා, ඒ.එස්.පී. ලියනගේ මහතාපී.එච්සුමනසිරි මහතා ඇතුළු ක්‍රියාකාරී සාමාජික මහත්වරුන් ද සුවාරපොල ශ්‍රී විජයාරාමයේ දායක සභාවේ සුජාතා කුලඟන සමිතියේ  සභාපතිනිය එච්. මල්ලිකා හෙට්ටිආරච්චි මහත්මිය සහ නිහාල් හෙට්ටිආරච්චි මහතා ද නිලානි  දමයන්ති මහත්මිය සහ දියණිය ද සහභාගී වූහ.

උත්තම මුණි දළදා වඩම්මන
ගීතයට සෙඩා ආයතනයේ 
අමිල
, යසස්, රොසිත්චමෝද්, නදුන්, දිලහානි  
දරු දැරියන්ගෙන් නර්තනයක්.
වැලිතල අතරේ ගීතයට
දිල්හානි සහ රොසිත් විසින් නර්තනයක්.


       එම පිංකම සඳහා සෙඩා ආයතන‍යේ දරුදැරියන් ද සහභාගි වී නර්තන අංග කීපයක් ඉදිරිපත් කල අතර දෙමාපියන් බැති ගී ගායනාවන් ඉදිරිපත් කළහ.

රොසිත් විසින් ඉදිරිපත් කල
ගණපති නර්තනය

සෙඩා ආයතනයේ දෙමාපියන් සහ
 වස් පිංකම සදහා ගිය පිරිස ඉදිරිපත් කල බැතී ගී

දිල්හානි විසින් ඉදිරිපත් කල
 ගිරිදේවි නර්තනය
පෙරදිග මුතු ඇටයයි මේ ගීතයට
යසස් විසින් නර්තනයක්



විහාරාධිපති හිමි විසින්
 නර්තන  ඉදිරිපත් කළ
 සෙඩා දරැවන්ට ත්‍යාග පිරිනැමීම
සෙඩා දරැවන් සහ දෙමාපියන්
 ජාතික ගීය ගායනා කරමින්

   
 ප්‍රදේශයේ ජීවත්වන සැලකිය යුතු පිරිසක් මෙම අවස්ථාව දැක බලා සතුටු වූහ. පූජ්‍ය වරකාපොල ඉන්ද්‍රසිරි නාහිමියන් මෙම පොතුවිල් මුහුදු මහා විහාරයේ විහාරාධිපතීත්වය දරන අතර භික්ෂුන් වහන්සේලා තුන් නමක් වැඩ සිටිති.මෙම පන්සලේ ද දිනපතාම දානය සකස් කර ගන්නට සිදුව ඇත. වන්දනා නඩ පැමිණිය ද ඔවුන්ට ප්‍රමාණවත් පහසුකම් ද නැත.

 මෙම ගමනේ දි පානම බෝධිරුක්ඛාරාමයට ගොස් එහි විහාරාධිපති පුජ්‍ය පානම චන්දරතන නාහිමියන් හමුවී තොරතුරු සාකච්ඡා කරන ලදී. ප්‍රදේශයේ අවශ්‍යතා රාශියක් පැවතුන ද බුදු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් දහම් පාසල් ගුරුවරුන් සඳහා ගුරු පුහුණු වැඩමුළුවක් පැවැත්වීම කාලීන අවශ්‍යතාවයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.
  

 එමෙන්ම ලාහුගල මගුල් මහා විහාරයට ගොස් එහි විහාරාධිපති පූජ්‍ය හුළංනුගේ රතනසාර නාහිමියන් හමුවී තොරතුරු සාකච්ඡා කළෙමු. පොතුවිල් මුහුදු මහාවිහාර ප්‍රදේශයෙන් ගොඩ බිමට ආ දේවි කුමරිය (පසුව විහාරමහා දේවිය) කාවන්තිස්ස රජු හා විවාහ වූ ස්ථානයේ ඉදිකළ විහාරය මගුල් මහ විහාරය ලෙස හැඳින්වේ.  













ප්‍රදේශයේ ඇති ජල ගැටලුව පිළිබඳව උන්වහන්සේ තොරතුරු ඉදිරිපත් කළහ. දැනට අබලන්ව පවතින ජල සම්පාදන ක්‍රමය, ලිඳ ඇතුළු අත්‍යවශ්‍ය අංග අලුත්වැඩියා කර දෙන්නේ නම් එය  විශාල සහනයක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ. මෙම ප්‍රදේශයේ ද ත්‍රස්තවාදී උවදුරට ගොදුරු වූ ප්‍රදේශයකි. විහාරාධිපති හිමියන්ගේ එඩිතරකම නිසා ප්‍රදේශය ආරක්ෂා වී ඇත. මෙහිදී හමුවූ ප්‍රදේශවාසීන් ද දැනට අබලන්ව පවතින ජල යෝජනා ක්‍රමය අලුත්වැඩියා කර දෙන ලෙසට ඉල්ලා සිටි.


             අපේ හාමුදුරුවන් වහන්සේ, දේශහිතෛශී පින්වතුනිඅපේ උරුමය මිත්‍යාදෘෂ්ඨිකයන්ගෙන් රැකගැනීමට අපි දැන්වත් එකතුවෙමු. ඒ සදහා සිංහල හඬ අමතන ලෙස සිංහල බලමණ්ඩලය ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටි.